කොවිඩ් මෘතදේහ භූමදානය ඉඩ දෙන කතාවක් අගමැති කියලා නැහැ

Spread the love

කොවිඩ් ආසාදනයෙන් මිය දෙන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට අගමැතිවරයා

අනුමැතිය දී ඇතැයි පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසයි.

ඔහු ඒ බව සඳහන් කර සිටියේ ආසාදිත පුද්ගලයන්ගේ මෘත දේහය භූමදානය කිරීම සඳහා අදාළ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත්දැයි ‘ද ලීඩර්’ කළ විමසීමකදීය.

එහිදී දී එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් අද පාර්ලිමේන්තුවේ කළ ප්‍රශ්න කිරීමක් හමුවේ අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ‘භූමදානය කරන්න ඉඩ දෙනවා’ කියලා විතරයි කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භුමදානය කිරිමට ඉඩ දෙන බවත් අගමැතිවරයා කිසිදු ලෙසකින් ප්‍රකාශ කළේ නැහැ. යනුවෙනි.

කෙසේ වුවද බොහෝ දෙස් විදෙස් මාධ්‍ය අද වාර්තා කර ඇත්තේ කොවිඩ් ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහය භූමදානය කිරීමට අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේදී මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිවරයාට ඒ පිළිබඳ ස්තූතිය පළකළ බවයි.

ඊයේ පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී කොවිඩ් ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භුමදානය කිරිමට ඉඩ නොදීම සම්බන්ධයෙන් අමාත්‍ය අතාවුල්ලා කළ ප්‍රශ්න කිරීමක දී අගමැතිවරයා පවසා ඇත්තේ අද දිනයේ පැවැත්වෙන විශේෂඥයින්ගේ රැස්වීමෙන් අනතුරුව දැනුම් දෙන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැති කාර්යාලයේ නිලධාරියා අවසන් වශයෙන් පවසා සිටියේ කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානය රජය මේ දක්වා කිසිදු ලෙසකින් අනුමැතිය ලබා දී නොමැති බවයි.

කෙසේ නමුත් අගමැතිවරයා කොරෝනා ආසාදිත මුස්ලිම් මෘතදේහ භුමදානය කිරිමට ඉඩ දී ඇතැයි මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග අන්තවාදී සිංහල බෞද්ධ කණ්ඩායම් හා සමාජ මාධ්‍ය විසින් අගමැතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබිණි.

රජය විසින් කොරෝනා ආසාදිත මුස්ලිම් මෘත දේහ භුමදානය කිරීමට ඉඩ ලබාදීම පිළිබඳ විවිධ රාජ්‍ය නායකයන් විසින් ශ්‍රී ලංකා රජයට පැසසුම් සහගත නිවේදනයන් ද නිකුත් කර තිබිණි.

ImranTw

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා කළ ප්‍රශ්න කිරීම හමුවේ අගමැතිවරයා ‘භූමදානය කරන්න ඉඩ දෙනවා’ යැයි ප්‍රකාශ කිරීම නිසා අද පස්වරුවේ පක්ෂ විපක්ෂ මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිවරයා හමුවී සිය ස්තූතිය පළකර ඇත. ඒ අවස්ථාවේදී අගමැතිවරයා මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති වීම ද විමතියට තුඩු දෙන්නකි.

 

තවත් රැවටිල්ලක්
මේ අතර අද (10) පස්වරුවේ අන්තර් ජාලය වෙත වීඩියෝවක් මුදා හැර ඇති Chirantha Anthony Amerasinghe පවසන්නේ, භූමදානය ලබා දෙනවා යැයි මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය තවත් රැවටිල්ලක් බවයි.
”මහින්ද එදා ඉඳන් කිව්වේ භූමදානය දෙන්න කියලා, හැබැයි වුණේ නෑ. මම ඇදපු තර්කය තමයි සාර්ථක වුණේ.. ඒ තර්කයම තමයි මා අත්අඩංගුවට පත් වෙන්න හේතුවක් වුනෙත්. වැඩේ ගොඩ ගියොත් එච්චරයි
Post Disclaimer

Disclaimer: කොවිඩ් මෘතදේහ භූමදානය ඉඩ දෙන කතාවක් අගමැති කියලා නැහැ - Views expressed by writers in this section are their own and do not necessarily reflect Latheefarook.com point-of-view

Leave a Reply

Your email address will not be published. Required fields are marked *